ජැකලින්ට 50,000ක ඇපයක්..




රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක විත්තිකාරියක් ලෙස නම් කර සිටි ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණයේ අද(26) නියම කර ඇත.

ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාල නඩුවක විත්තිකාරියක් ලෙස නම් කර සිටින ඇය අද අධිකරණය වෙත පෙනී සිටීමට පැමිණියේ, සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Post a Comment

0 Comments