ගුවන් යානා 5 ක් සාගර පතුලේ...

 


මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%කට වැඩි පිරිසක් සීගිරිය, නැරඹීමට වැඩි කැමැත්තක් දක්වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

ඊට අමතරව, සංචාරකයින් වැඩි පිරිසක් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි පවතින පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන බව සඳහන්ය.

පසුගිය කාලසීමාවේ පැවති කොරෝනා වසංගත තත්ත්වය, ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු අතර එය නැවතත් වර්ධනය වෙමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ ප්‍රකාශ කළේය.

මේ අතර, ගතවූ වසර 500 ක පමණ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අවට මුහුදුසීමාවේ නෞකා 104 ක් සහ අනතුරට ලක්වූ ගුවන් යානා 5 ක් මුහුදුබත්වී ඇති බව ශ්‍රී ලංකා ජාතික නැව් සුන්බුන් දත්ත වාර්තාව පවසයි.

මෙම මුහුදුබත් වූ නෞකා සහ ගුවන් යානා බොහෝදුරට සුන්බුන් විසිරී පවතින්නේ ගාල්ල සහ ත්‍රිකුණාමලය අවට ප්‍රදේශවලය.

දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානා සහ ලන්දේසි පාලන සමයේ මෙන්ම ඊට පෙර කාලවලට අයත් නාවික යාත්‍රාවල කොටස් ද පවතින බවයි එම දත්ත වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානා මෙලෙස මුහුදුබත්වී ඇති අතර එහි සුන්බුන්ද පවතින බව සඳහන්ය.

ගාල්ල සහ ත්‍රිකුණාමලය අවට මුහුදුබත්ව ඇති මේවායේ සුන්බුන් නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට තම අරමුදල යටතේ පවතින මුහුදු පුරා විද්‍යා ආයතන හරහා අවස්ථාව සැළසෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.

Post a Comment

0 Comments