විදේශ ගත ශ්‍රමිකයන් විසින් කාගෝ ආයතන හරහා ගිනිබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට එවූ භාණ්ඩ වලට මෙතෙක් කිසිදු වන්දියක් ලබා දී නැතැයි ජාතික විදෙස් ශ්‍රමික එකමුතුව මැදපෙරදිග ශ්‍රී ලංකා සංසදය පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට බඩු භාණ්ඩ ගෙනැවිත් තිබූ පුද්ගලයින්ට අසාධාරණයක් සිදුව ඇති බවත් කාගෝ සමගම් විදෙස්ගත ශ්‍රමිකයන් වෙත මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඔවුන් සඳහන් කළේය.
කාගෝ ආයතන හරහා විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවීමට නැව්ගත කර ලද භාණ්ඩ වල වටිනාකම කෝටි හැටක් බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිතව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.


0 Comments