දුම්රිය සේවකයින් 7000කගේ හිඟයක්...

 


දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න පැවසුවේ සේවකයින් 21,000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බවයි.

එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 250 කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.

Post a Comment

0 Comments