අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 91ක හිඟයක්...

 


අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තුන්සිය අසූ තුනෙන් හිඟයක් පවතින්නේ අනූ එකක පමණක් බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ඩී. වීරසිංහ විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ඇමැතිවරයා මෙසේ ද කීවේය. ජීවිතාරක්ෂක බෙහෙත් වර්ග දාහතරම තිබෙනවා. නමුත් මාස තුනක , හයක තොග නොවෙයි.

ප්‍රධාන ගබඩාවේ එම ඖෂධ නැහැ. නමුත් දැනට පාවිච්චිය සඳහා අවශ්‍ය පමණට තිබෙනවා. ඉදිරි දින, සති කිහිපය ඇතුළත තත්ත්වය නිවැරැදි කර ගැනීමට හැකියාවක් ලැබෙයි.

Post a Comment

0 Comments