ළමා හතිය ඉහළට...
September 22, 2022
ගෙවුණු වසරවලට සාපේක්ෂව මේ වසරේ මේ කාලය තුළ හතිය සෑදුනු ළමුන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මේ වනවිට ළමා හතිය සෑදුනු ළමුන් හැටදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වයට හේතුවි ඇත්තේ නොදැනුවත්ව කොවිඩ් ආසාදිත වීම වන්නට ඇති බවද හෙතෙම පැවැසීය.
කැස්ස, හුස්ම ගැනිමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතී නම් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස විශේෂඥ වෛද්‍යවරයා මවුපියන්ට දැනුම් දිමක්ද කරයි.
එසේම මේ වනවිට ඩෙංගු අසාදනය විමෙන්ද ළමුන් වැඩි පිරිසක් රෝහල් ගත කරනු ලබයි.
එම නිසා දින තුනකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා ළමුන් යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
0 Comments