කබරයෙක් බේරන්න ගිහින් මිනිස් ජීවිත වලින් වන්දි ගෙවන්න ගිය අනතුර...

 


ඊයේ (21) දක්ධිණ අධීවේගී මාර්ගයේ ගමන් ගත් ලොරියක් මාර්ගයේ සිටි කබරයෙක් බේරා ගැනීමට උත්සහ දැරීමේ දී මගී බස් රථයක් හා වාහන 3ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

රියදුරුට ලොරි රථය නවතා ගැනීමට නොහැකිව කබරයා මිය ගොස් ඇති අතර මගී බස් රථය හා තවත් රථ 3ක් එකිනෙක ගැටීමෙන් ගී බස් රථයේ ගමන් ගත් තිදෙනෙකු සුතු තුවාල ලබා ඇත.

අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දිශාවට තිබෙන මංතීරුවේ මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් ආහාරයට ගනිමින් සිටී කබරයා දුටු ලොරි රියදුරා එකවරම තිරිංග තද කළ ද කබරයාගේ සිරුර මතින් ලොරි රථය ධාවනය වී නතර වී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණි වෑන් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථය නවතාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ ඇත.

කුලී රථය පිටුපසින් වෑන් රථය ගැටීමත් සමඟ ම ඉදිරියට ඇදී ගිය ලොරි රථය ආරක්ෂිත වැටේ නතර වී තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් ලොරියේ පිටුපස පෙදෙසට,වෑන් රථය ඉදිරිපස හා පසුපස පෙදෙසට ,බස් රථයේ ඉදිරිපස ට මෙන්ම මෝටර් රථය දකුණු පස බදට අලාභ හානි සිදු වී ඇත.

අලාභ හානියට පත් සියලුම වාහන කහතුඩුව පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගැනිණි.

දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය මගින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments