එක්සත් ජාතින්ගේ සමුළුවට ලංකාවෙන් පිටත් වේ...

 



එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ (06) රාත්‍රී ජිනීවා නුවරට ළඟා විය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ හා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්වරුන් ඇතුළු සිව්දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ද එම ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට ඇතුළත් ය.

අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ, ලබන 12 වැනි දා ආරම්භ වන සමුළුවට පෙර පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි.

Post a Comment

0 Comments