එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායමට වැඩි අවකාශයක් පවතින බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති දක්ෂ දඟ පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරයි.
ANI පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙසේ අදහස් දැක්විය,
“ඕනෑ ම කණ්ඩායමකට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවස්ථාව තියෙනවා. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිය මව්රටේ හුරු පුරුදු තත්ත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන නිසා ඔවුන්ට මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩි වාසියක් තියෙනවා.”
” ඉන්දියානු සංචිතයේ සිටින දඟ පන්දු යවන්නන් තිදෙනා පන්දු යවනවා මම දැකලා තියෙනවා. වේග පන්දු යවන්නන්ට උචිත ඔස්ට්‍රෙලියානු තණතීරූ තුළ පන්දුව එතරම් දඟ නො කැවීම අවාසි සහගත තත්ත්වයක්. නමුත් මේ ලෝක කුසලානයේ දී දඟ පන්දු යවන්නන් විශාල ප්‍රධාන භූමිකාවක් රඟ දක්වනවා. මම හිතනවා මේ තණතීරූ තුළ පන්දු යැවීමට ඉතාමත් හොඳ දඟ පන්දු සංකලනයක් ඉන්දියාව සතුව තියෙනවා.”
“මට ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ගොඩක් සතුටුයි. අන්තිම අවුරුදු දෙක ඇතුලේ ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ආසියානු කුසලානයේ දී ත්, ඔවුන් හොඳින් තරඟ වැදුණා. මම ශ්‍රී ලංකා කණ්ඩායමටත් ලෝක කුසලානය වෙනුවෙන් සුභ පතනවා.”


0 Comments