විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු බැංකු කාඩ්පත් සොරකම් කර රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වංචා කළ පුද්ගලයකු කඩුවෙල පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.
මෙම සැකකරු කලක පටන් කඩුවෙල,නවගමුව, මාලබේ වැනි ප්‍රදේශවල ඒටීඑම් යන්ත්‍ර වලට ගොස් මුදල් ගැනීමට සිටින පුද්ගලයාට කාඩ්පත ඇතුළු කිරීමට නොහැකි ආකාරයට යන්ත්‍රය සිරකර තිබේ.
පසුව ඔවුන්ට මුදල් ගැනීමට උපකාර කරන මුවාවෙන් කාඩ්පත් රහස් අංකය ද අසාගෙන අනතුරුව වෙනත් ඒ.ටී.එම් යන්ත්‍රවලට ගොස් විවිධ උපක්‍රම යොදා මුදල් ලබාගෙන ඇතැයි කියයි. සැකකරු අද (08 වැනිදා) කඩුවෙල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


0 Comments