නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් ඇය මේ බව පවසා ඇත.
කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද ජෝර්ජිවා පවසා තිබේ.
ජෝර්ජිවා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, උද්ගතව ඇති මෙම තත්ත්වය එක් රටකට පමණක් උරුම වූ තත්ත්වයක් නොවන බව ත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් පවතින බවත් ය.
දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව ත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ද ඇය එහිදී පෙන්වා දී ඇත.


0 Comments