විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනී
September 06, 2022
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එම කරුණු තවදුරටත් සංශෝධනය කිරීම කළ යුතු බව හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහිතව හෝ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.
0 Comments