පුපුරණ ද්‍රව්‍ය ‌තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට...

 



නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125ක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී දොම්පේ, පනන්වල, දෙල්ගොඩ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා සතුව තිබී රු 500,000ක මුදලක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 41ක් හැවිරිදි හෙළුම්මහර, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් ඇමෝනියා නයිට්‍රේට්වල වටිනාකම රුපියල් ලක්ෂ 18ක් පමණ බව අනාවරණය වී තිබේ.

එම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Post a Comment

0 Comments