විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කර රහසිගතව එයට ඇතුළු වී මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිල වයෙන් පෙන්වන වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 වැන්දා) අත්අඩංගුවට ගත් ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක සිසුවාව අධිකරණයට ඉදිරිපත් සඳහා මිට සුළු මොහොතකට පෙර රැගෙන ගිය බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග අරුණ වෙබ් අඩවියට පවසනවා.
විභාග ප්‍රතිඵල ලබාදෙන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් වෙනත් අයකුගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීමට නොහැකි ලෙස නිර්මාණය කර ඇතත් මෙම සිසුවා නිර්මාණය කළ වෙබ් අඩවියෙන් ඕනෑම නමක් ඇතුළු කළ විගස ඒ නමින් ඇති සියලු දෙනාගේ ප්‍රතිඵල ඒ මොහොතේම දර්ශනය වන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයක් විය.
අත්අඩංගුවට ගත් පාසල් සිසුවා එම පාසලේ තාක්ෂණවේදය ඉගෙන ගන්නා අයකු වන අතර ඔහුගේ මාපියන්ද ප්‍රසිද්ධ පාසල්වල උගන්වන ගුරුවරු බව හෙළි වී ඇත.
මෙම සිද්ධිය ගැන ලද පැමිණිලි මත විමර්ශන අරඹා වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී එය වෙනත් රටක ලියාපදිංචි කර තිබූ නිසා මෙයට සම්බන්ධ වූවන් සොයා යෑම අසීරු කාරණයක් වී තිබේ.


0 Comments