යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි
ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද සමඟ රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී තිබේ
විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කී පරීක්ෂාවට ලක් කරමින්, ඔහුගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

0 Comments