ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට ඉන්දියාව කැපවේ

 





ශ්‍රී ලංකාවට මෑතකාලීන ව ඇමරිකානු ඩොලර් බිලියන 04ක සහන සපයා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවේ සැසියක් අමතමින් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව ආසන්නම අසල්වැසියන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සදහන් කළ ඇය කියා සිටියේ, අසල්වැසියෙකු මෙන්ම සමීප මිතුරකු ද වන ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සදහා විශේෂයෙන් කටයුතු කර ඇති බවයි.

2017 වර්ෂයේ ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් ව ස්ථාපිත කළ සංවර්ධන සහයෝගීතා අරමුදල මඟින් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් 51ක ව්‍යාපෘති 66ක් සදහා සංවර්ධන සහය පළ කර ඇති බව ද ඇය මෙහි දී අනාවරණය කර ඇත

Post a Comment

0 Comments