ශ්‍රී ලංකාවට දරුණු චෝදනාවක්...

 


එළඹෙන සඳුදා(11) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට මින් පෙර එල්ල නොවූ චෝදනාවක් එල්ල වන බවත් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට දැනුවත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ මෙරට මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින්ය.

ඒ අනුව ඔහු කියා සිටියේ, මෙතෙක් කලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවල දී මෙරටට එල්ල වූ දේශපාලන හා සමාජ ආර්ථික මානව හිමිකම් උල්ලංගණය පිළිබඳ චෝදනාවලට අමතරව ‘ආර්ථික අපරාධ’ සම්බන්ධයෙන් චෝදනාවක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් එල්ල කර ඇති බවය.

ඒ අතරම ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාවට පවසා සිටින්නේ, මෙරටට අවශ්‍ය ආහාර පාන සහ පොහොර ආදිය ලබා ගැනීම් සඳහා වන අරමුදල් සපයා දෙන්නට තමන් සූදානම් බවත්, නමුත් ඒවායේ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ එම සංවිධානවලින් පමණක් ම බවත්, ලෝක බැංකුව ඒ සඳහා නිදර්ශනයක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post a Comment

0 Comments