වැල්ලේ කුමාරි අත්අඩංගුවට...

 


හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 5333ක් සමග වැල්ලේ කුමාරි නැමති අනුවර්ත නාමයෙන් හදුන්වනු ලබන විවාහක කාන්තාවක් ඊයේ (06) වලහන්දුව වත්තේ පිහිටි සුනාමි ගම්මානයකදි ගාල්ල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගම්මානයේ පදිංචි 52 හැවිරිදිවියේ පසුවන මත්කුඩු ජාවාරම්කාරියකි. මිට පෙරද ඇය මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් බව පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරකට අනුව ඇය නිවස තුල දි මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්සැකකාරිය අද (07) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

Post a Comment

0 Comments