මහඔයේ වැලි ජාවාරම දැක කොච්චිකඩේ පොලිසිය ඇහැ පියාගෙන
September 06, 2022

මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ මහඔයෙන් නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම මහ පරිමාණයෙන් යළිත් ආරම්භ කර තිබේ.
මෙම වැලි ජාවාරම සිදු කෙරෙන්නේ බස්නාහිර පළාතේ සිට වයඹ පළාතට පැමිණීමට ඇති පාලම ආසන්නයේය. පාලමෙ අවට කිලෝමිටර් දෙකක ප්‍රදේශයේ වැලි හෑරීම නීතියෙන් තහනම් බවට පාලම ආසන්නයේ ම දැන්වීමක් ද ප්‍රදර්ශනය කර තිබේ.
එමෙන් ම වත්තල ප්‍රදේශය දක්වා ම පානීය ජලය සැපයෙන ජල පිරිපහදුව පිහිටා ඇත්තේ ද මෙම පාලමට කිලෝමීටර් දෙකක පමණ දුරිනි. මහඔය හරස් කර ඉදි කර තිබෙන ජල පිරිපහදුවේ බැම්මේ පැවැත්මට ද මෙම වැලි හෑරීම විශාල තර්ජනයක් යැයි ප්‍රදේශවාසීහු පවසති. යම් ලෙසකින් බැම්මට හානියක් සිදු වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන් පිරිසකගේ ජල සැපයුමට බාධා එල්ල වීම අනිවාර්යය.
මෙම වැලි හෑරීම හේතුවෙන් මහඔය ආසන්නයේ පදිංචිකරුවන්ගේ ඉඩම්වලට එල්ල කෙරෙන බලපෑම ද බරපතළය. නමුත් මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම ප්‍රදේශවාසීන්ගේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ.
වැලි ජාවාරම සිදු වන ප්‍රදේශයත් පොලිසියත් අතර දුර කිලෝමීටර් දෙකක් පමණය. පොලිසියට පැහැදිලි අවශ්‍යතාවක් පතින්නේ නම් මෙම වැලි ජාවාරම නීතියේ රැහැනට පහසුවෙන් ම හසු කර ගත හැකිය යන්න ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
0 Comments