සින්ඩි මැකේන් ලංකාවට...






රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඇය අද (25) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳීසිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමග ද ඇය සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments