පාකිස්ථානයට ලැබුනු අභියෝගය...

 


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ පාකිස්ථාන කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේදි කඩුළු 6ක් දැවී ලකුණු 129ක් රැස්කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හැකි විය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඊබ්‍රාහිම් සඩ්රාන් ලකුණු 35ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායමේ හාරිස් රවුෆ් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා පාකිස්ථාන කණ්ඩායම ලකුණු 130ක් රැස්කර ගත යුතු වේ.

පාකිස්ථානය මෙම තරගය ජයගතහොත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

Post a Comment

0 Comments