එම සටහන ආරම්භ කරමින්, ඔහු පවසන්නේ එය මහජනතාවගේ අදහස් සහ යෝජනා දැනගැනීම වෙනුවෙන් පළ කරන්නක් බවය.
එහිදී, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම් ජාත්‍යන්තර තලයේ තරග සඳහා එක් වන විට වාදනය කෙරෙන ජාතික ගීය තරමක් කෙටි වූවා නම් ඉතා අගනා බවයි.
විනාඩි තුනකටත් වඩා දිගින් යුත් ශ්‍රී ලංකා ජාතික ගීයේ පළමු කොටසේ වාදනය වී අවසානයේ දී බොහෝ විට ප්‍රේක්ෂකයින්ගේ අවධානය සහ ගෞරවය ඉන් ගිලිහී යන බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම, එවැනි දීර්ඝ ජාතික ගී සහිත බොහෝ රටවල් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වලදී ලඝු කරන ලද ජාතික ගී භාවිතා කිරීමට පෙළෙඹී සිටින බව පෙන්වා දෙන චරිත් සේනානායක සඳහන් කරන්නෙ, ශ්‍රී ලංකාව ද එවැන්නක් සිදු කිරීම කාලෝචිත බවය.
එමෙන්ම ඔහු අවධාරණය කරන්නෙ, ශීත කාලගුණයක් පවතින අවස්ථාවලදී, දීර්ඝ ජාතික ගීය වාදනය කොට අවසන් වන තෙක් සිටගෙන සිටින විට ක්‍රීඩකයින්ගේ ශරීර උණුසුම පවා ඇතැම් අවස්ථාවලදී පහළ වැටෙන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරු චරිත් සේනානායක මෙම කෙටි සටහන හමාර කරන්නේ, මෙම සටහන ජාතික ගීය පිළිබඳව පූර්ණ ගෞරවයෙන් යුතුව තැබූවක් බවත්, ඒ හරහා ජාතික ගීයට කිසිදු අගෞරවයක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවත්, පවසමින්ය.


0 Comments