අද දුම්රිය ප්‍රමාදවීමක්...




මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කර තිබේ.

කළුතර දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

ඒ අනුව කළුතර සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

කාර්යාල දුම්රිය කිහිපයක් ද ප්‍රමාද වන දුම්රිය අතර ඇති බව දැනුම් දී ඇත.

Post a Comment

0 Comments