රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම් වලටත් නව චක්‍රලේඛයක්...

 



රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න සඳහන් කළේ අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබා දී ඇති බවයි.

කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය, හෝ සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර ඇත.

කෙසේවෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදෙයි.

එම නිසා සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර එය නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ

Post a Comment

0 Comments