ලොරියත් එක්ක අරියාදුවට ගිහින් තරුණයෙක් එතැනමයි...

බුලත්සිංහල වැහි මඩුව හංදිය ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේදී ම මිය ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය සඳහන් කරයි.

බුලත්සිංහල දෙස සිට හොරණ දෙසට ලොරි රථය ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ගමන් ගත් යතුරු පැදිය ලොරියෙ පසුපස දකුණු මුල්ලේ ගැටීමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයන් දෙදෙනා ලොරි රථය යටට විසිවී තිබූ බව පොලිසිය කියයි.

එහිදී පසු පැදිකරු මිය ගිය අතර බරපතළ තුවාල ලද පැදිකරු හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු වයස අවුරුදු විසි හතරක් වන ගී කියන කන්ද නෑබඩ පදිංචිකරුවෙකි.

ලොරි රථයේ රියැදුරු වන වයස අවුරුදු 48 මාවනැල්ල පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධව බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments