ගම්පහ සිසුවියක් දවල්ට කන්න පොල් මද ගෙනත්...
September 22, 2022
ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිද්ධියක් සහ රාත්‍රී ආහාරය ලබාගත නොහැකි සිසු සිසුවියන් පිරිසක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් අනාවරණය වේ.
එය කනිෂ්ඨ ද්විතියික පාසලකි. සිද්ධියට මුහුණ පා ඇති ශිෂ්‍ය නායිකාව පාසලේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඇයගේ පියා කුලී වැඩවල නිරත වන අතර, මව ගෘහණියකි. ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කිහිපදෙනෙකුද සිටී.
මෙම විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසු සිසුවියන් පිරිසක්ද ආහාරය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ දීම නිසා පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු ආහාර පාර්සල් සාදාගෙන පැමිණ එම සිසු සිසුවියන්ට ලබාදී ඇත.
මෙම විදුහලේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.
එලෙස තුන්වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන්ට දිවා ආහාර සැපයූ මවක ඉතිරි වූ ආහාර රැගෙන ආපසු යද්දී සිසු සිසුවියන් පවසා ඇත්තේ තමන්ට තව ආහාර ලබාදෙන ලෙසය. එම මව සතුව ඉතිරිව තිබී ඇත්තේ ව්‍යංජන නොමැතිව බත් පමණි. තුවන ශ්‍රේණියේ සිසු සිසුවියන් ඉතිරි වූ බත් ඉල්ලාගෙන එම බත් පමණක් ආහාරයට ගෙන ඇතැයි විදුහලේ ආරංචිමාර්ග කියයි.
මෙලෙස ආහාර යළි ඉල්ලාගත් සිසු සිසුවියන් පෙරදින රාත්‍රියේද ආහාර ගෙන නොතිබූ බව අනාවරණය වේ.
0 Comments