බේරුවල මාගල් කන්ද,අම්බල්ප්පල මාදැල් ධීවර වෙරළ ප්‍රදේශයේ (15)මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනකු දිය රැලකට හසුව මිය ගොස් තවත් තරුණයෙකු බේරුවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙසේ දියේගිලි මියගොස් ඇත්තේ වරකා වල ගේ ප්‍රභාන් කෞශල්‍ය, (19) අලුත් හේන මග්ගොන , සහ චලන දිල්ශාන්(19) ජනරජපුර මාගල්කන්ද මග්ගොන, ලිපිනයන් හි පදිංචිව සිටි අවිවාහක තරුණයන් දෙදෙනෙකි. ඔවුන් එකම පවුලේ ඥාතීන් වන අතර දිය නෑමට ගොස් දිවි බේරා ගෙන කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සෙසු තරුණයා විසිවන වියේ පසුවන මග්ගොන ජන රජපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම තරුණයින් තිදෙනාද අම්බලප්පොල මාගල්කන්ද ධීවර දැල් තොටුපළ ආ ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී මෙසේ ඉන් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස මියගොස් සිටියදී සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම සිද්ධිය දැනගත් වහාම බේරුවල පොලිසිය ක්‍රියාත්මකවී සුවසැරිය ගිලන් රථ සේවාව සහනාවික හමුදාව දැනුවත් කරතිබේ. ඒ වනවිටත් දියේ ගිලී අතුරුදහන්ව සිටී සෙසුතරුණයාගේ සිරුර සෙවීමේ කටයුතු ප්‍රදේශයේ ධීවර කාර්මිකයන්ගේ ද සහාය ඇතිව නාවික හමුදාව පැය කීපයක්සිදු කළ බව පොලීසිය කිය.
මියගොස් සිටි තරුණයින් දෙදෙනාගේ සිරුරු බේරුවල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

.jpg)
0 Comments