ඊශ්‍රායලයට මෙරට ශ්‍රමිකයන් යවන බවට පවසමින් මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බව එරට සිටින ශ්‍රී ලාංකික සංවිධාන චෝදනා කරති.
ඊශ්‍රායලයේ පිරිසිදු කිරීම සඳහා රැකියා වීසා ලබා දෙන බව පවසමින් මෙම පිරිස් විසින් ලක්ෂ 28ක පමණ මුදලක් ලබා ගනිමින් සිටින බවද ඔවුන් කියා සිටිති.
නමුත් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අවස්ථාවක පිරිසිදු කිරීමේ සේවකයන් ලෙස ඊශ්‍රාලයට ඇතුළුවීමට නොහැකි බවත් පවසන ඔවුන් මෙම ජාවාරම් පසුපස බියුරෝවේ ප්‍රධානීන් සිටින බවටද චෝදනා කරති.
මෙම ජාවාරමේ නිරත වූවන් ගෝනි වන දමාගෙන සල්ලි ගෙන යන බවත් ඇමතිවරු දෙදෙනෙක් මේ පිටුපස සිටින බවත් ඔවුන් තව දුරටත් කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


0 Comments