ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රදානය කරන ලද ටෙන්ඩරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ, අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් කතානායකවරයා සහ විගණකාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව යි.


0 Comments