මාධ්‍යවේදීන්ගේ බත්පතේ මිල ඉහළට..

 



පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ රුපියල් දෙසීයක් ලෙසය.

නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300 දක්වා ඉහළ යනු ඇත.

පාර්ලිමේන්තු මාධ්‍යවේදියකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් වැය කෙරුණු මුදල රුපියල් සීයක් වන අතර එය 150ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා රැස්වී ගත් තීරණයක් අනුව එම මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇත.

පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ බත් පතේ මිල ගෘහ කාරක සභාව ගත් තීරණයක් අනුව මෙයට පෙර වැඩි කෙරිණ.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා සැපයෙන ආහාර රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සීමා කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ අනුවකි.

Post a Comment

0 Comments