රංවල ලෙයින් නැහැවුනු මාරක අනතුර...




කොළඹ නුවර මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේදී යතුරුපැදි තුනක් හා වෑන් රථයක් ගැටී රිය අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදි වල ගමන් ගත් පස් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තිදෙනෙක් මිය ගොස් ඇත. දෙදෙනෙක් කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

මියගොස් ඇත්තේ තුල්හිරිය නාංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වු තරුණයන් තිදෙනෙකි.

වෑන්‍ රථයේ අධික වේගය හා වෙනත් රථයකට ඉස්සරකිරීමට යාම නිසා මෙම අනතුර වෙන්නට ඇතැයි කෑගල්ල පොලීසියේ රථවාහන අංශය සැක කරයි .

වෑන් රථයේ රියදුරා කෑගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත .

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂනය අද 10 කෑගල්ල මහ රෝහල් අධිකරණ වෛද්‍ය සංකීරණයේදී සිදු කිරීමට නියමිතය.

Post a Comment

0 Comments