ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අද (07) කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී ඇත.
එම හමුව අද (07) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
මෙම හමුවේදී දෙරට අතර සංචාරක සබඳතා වර්ධනය කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා වී තිබේ.
විවිධ අංශවලින් ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.
පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව කතානායකවරයා මහ කොමසාරිස්වරයා හමුවේ ස්තුතිය පළ කළ බවයි.


0 Comments