කෝටියකට ආසන්න මස් කරපු බඩු සොයාගනී.
September 18, 2022
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරා ගන්නා ලද රු .ලක්ෂ 90 ක් පමණ වටිනා දේපොල සමග සැකකරැවකු දෙමටගොඩ පොලිසිය විසින් අද(18) අත්අඩංගුවට ගෙන ඇත.
කොටස් ගලවන ලද ජංගම දුරකථන 125 ක් ලැප් ටොප් 10 ක්. පියානෝ 01ක්, ගිටාර් 01ක්, LED TV 3 ක්, කොටස් ගලවන ලද අත් ඔරලෝසු 520 ක්, විදේශ රටක නිශ්පාදනය කරන ලද JR වර්ගයේ අත් බෝමබ 01ක්, උල් කඩු 01 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ පදිංචි, තිලින නුවන් නම් 37 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගෙවල් බිදීම්, කොල්ලකෑම් ආදී අපරාධ රාශියකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
0 Comments