ලොව ඉහළම ආහාර මිල උද්ධමනය සහිත රටවල් අතර සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලෝක බැංකුව අනාවරණය කරයි.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කළ, රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.
මෙලෙස ශ්‍රී ලංකාව ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ 91% උද්ධමන අගයක් වාර්තා කරමිනි.
එහිදී, උද්ධමනය 353% ක් වන සිම්බාබ්වේ පළමු ස්ථානයට පත්ව ඇති අතර ලෙබනනය 240% ක් සමග දෙවන ස්ථානයට පත්ව ඇත. වෙනිසියුලාව 131% උද්ධමන අගයක් සමග තුන්වන ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට පසුව එම ලයිස්තුවේ පසුවන්නේ තුර්කිය, ඉරානය, අර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාවයි.
ලෝක බැංකුව පෙන්වාදෙන ආකාරයට 2021 සැප්තැම්බර් මාසයේදී 9.9% ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ 45.1%ක් වශයෙන්ද, 2022 ජූලි මාසයේ 90.9%ක් දක්වාද මාස හතරක කාලසීමාවක් ඇතුළත විශාල ලෙස ඉහළගොස් තිබේ.
ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ උද්ධමනය ලොව පුරා ඉහළ මට්ටමක පවතින අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සියල්ලේම පාහේ ඉහළ ආහාර මිල උද්ධමනයක් අඛණ්ඩව පවතින බවයි.


0 Comments