කළුතර නගරයේ පෞද්ගලික බැංකුවක් පිහිටි ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
එම ස්ථානයට කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කැඳවූ බව පොලීසිය සඳහන් කරයි.
ගින්නට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments