අරගල බිමෙන් ලැබුනු පතුරම් ගැබත් එක්ක බාසුන්නැහේ මාට්ටු
September 06, 2022
ගාලු මුවදොර අරගල භූමියේ තිබී අහුලාගත් බව කියන ටී-56 ජීවඋණ්ඩ 30ක් අඩංගු පතුරොම් ගැබක් සමග පෙදරේරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ, 35 හැවිරිදි පානදුර, ගොරකාන, ගල්කණුව පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම සැකකරු උණ්ඩ සහිත මැගසිනය රැගෙන පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත
ඉකුත් ජූලි 9 වනදා තමන් ගාලු මුවදොර අරගල භූමියට ගිය බවත් එහිදී බිම වැටී තිබූ එම මැගසිනය අහුලා, නිවසට රැගෙන ආ බවත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී සැකකරු ප්‍රකාශ කර තිබේ.
එම උණ්ඩ සහිත මැගසිනය ගාලු මුවදොර අරගල භූමියේ රාජකාරි නියුතුව සිටි ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවියකට අයත් එකක් බවට පොලීසිය සැක පළ කරයි.
සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments