වර්තමානයේ පවතින පිටි හිඟයට වගකිව යුත්තේ වර්තමාන වෙළඳ අමාත්‍යවරයා බව අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අනුර කුමාර පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස පිටි හිඟයක් තිබියදී වෙලඳ අමාත්‍යවරයා ඒ ගැන සොයා බලා ඒ ඇති වීමට කලින් පියවර ගත යුතු බවත් ඇතිවීමෙන් පසු පියවර ගැනීම සැකයට කරුණක් බවත්ය.
පිටි වලින් යම්කිසි කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් අමාත්‍යවරයා මේ තත්ත්වය ඇති වෙනකම් බලා සිටියා යැයි සැකයක් පවතින බවයි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
මේ වන විටත් පාන් පිටි හිඟය නිසා පාන් රාත්තලක් තුන්සිය ට අධික මිලක් විමට ඉඩ ඇති බවත් පාන් පිටි මිල රුපියල් 400 ලබාගත්තොත් හෙට දිනයේ 320කට පාන් ලබාදිය හැකි බවත් අනුරාධපුර ආපනශාලා හිමියන් පවසනවා

0 Comments