සෙල්ෆියක් නිසා අවසන් ගමන් ගිය තරුණයා..
September 04, 2022
හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලක් අසළ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදි පය ලිස්සා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර, එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී තරුණයෙකු පය ලිස්සා ඇද වැටී ඇති බවයි.
හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එකතුව සිදුකළ සෝදිසි කිරීමේදී අනතුර සිදු වු ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පහළින් වු දිය වළක තිබී තරුණයාගේ මළ සිරුර ඊයේ (03) සොයාගෙන ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි වැලමිටියාව ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
0 Comments