ආහාර අහේනිය නරකම අතට...
September 10, 2022
කොළඹ ආහාර උද්ධමනය( ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) 80% දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.
රටේ පසුගිය 2022 මැයි මාසයේදී 58%ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී75.8% දක්වා ඉහළගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එසේම ඔවුන් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.
කෝටි දෙකක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ වසර 70ක් තුළ උදාවූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට ජනතාව මුහුණ දෙමින් සිටින බව ලෝක ආහාර වැඩසටහන පවසයි.
මේ අතර ආර්ථික අපහසුතා හේතූවෙන් තම දෛනික ජිවිතයේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාවක් නොමැතිව ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන බොහෝ පවුල් සම්බන්ධ මාධ්‍ය වාර්තා මේ දිනවල සුලභව පළවෙමින් ඇත.
0 Comments