නව ආකාරයකට කොරෝනා එන්නත් බූස්ටරයක්
September 05, 2022
ඉන්හේලරයක් භාවිතයෙන් ආශ්වාසය හරහා සිරුරට ඇතුළු කෙරෙන ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් චීනයේ ‘කැන්-සිනෝ’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලැබ ඇති අතර, එය බූස්ටර් හෙවත් ප්‍රවර්ධක එන්නතක් ලෙස භාවිතයට ගැනීමට චීන සෞඛ්‍ය බලධාරීහු සූදානම් වෙති.
චීන සෞඛ්‍ය බලධාරීන්, ‘කැන්-සිනෝ’ එන්නත බූස්ටර් එන්නතක් ලෙස භාවිතයට ගැනීමට සූදානම් වන්නේ, එන්නත සඳහා එරට ජාතික වෛද්‍ය පරිපාලන සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.
0 Comments