ප්‍රතිජීවක ඖෂධ මෙන් ම විටමින් වර්ග කිහිපයක් ද යොදා ගනිමින් මෙම පරීක්ෂණය පවත්වා තිබෙන අතර ඒවායේ නියමිත සාන්ද්‍රණ නොමැති බව මෙම පරීක්ෂණයේ දී හෙළි වූ බව ඊට සම්බන්ධ වූ මහාචාර්යවරයෙක් ‘ පැවසීය. මෙම සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා රටකට යවා තිබෙන බවත් එම පරීක්ෂණ ප්‍රතිඵලත් සමග මේ සම්බන්ධයෙන් රටට අනාවරණය කිරීමට අපේක්ෂා කරන බවත් මහාචාර්යවරයා කීවේය.
ඖෂධ පනත අනුව ආනයනය කරන ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පහසුකම් ඇති කළ යුතු වන නමුත් ඖෂධ නියාමන අධිකාරිය එම නියමය වසර ගණනක් තිස්සේ අත හැර දමා තිබේ. එම පහසුකම් නොමැති තාක් ප්‍රමිතියෙන් තොර ඕනෑම ඖෂධ වර්ගයක් ආනයනය කර ජනතාවගේ පාවිච්චිය සඳහා ලබා දීමට හැකි වන බවත් වෙළෙඳ පොළේ පවතින ඖෂධ වර්ග රැසක් ම අනිවාර්යයෙන්ම නියමිත ප්‍රමිතියෙන් තොර බව එම අධිකාරිය නොදන්නේ යැයි සිතිය නොහැකි බවත් එම මහාචාර්යවරයා සඳහන් කළේය.
ආනයනය කරන ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රුපියල් කෝටි දහයක් පමණ වැය කර කාර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කර තිබෙන රසායනාගාරය සඳහා නීතිමය අවසරය ලබා ගැනීම ද වසර ගණනක් තිස්සේ ප්‍රමාද කරමින් පවතියි.


0 Comments