ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ විදුලි බිල් නොගෙවූ පිරිස් වෙත සමාව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මේ යටතේ දීර්ඝ කාලයක් තිස්සේ විදුලි බිල් නොගෙවූ ගෘහස්ත පාරිභෝගිකයන්ට මෙන්ම විවිධ ආයතන වෙත පනවා ඇති පොලී, දඩ මුදල් මෙන්ම ඇතැම් හිඟ ගාස්තු ද අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මාසික විදුලි බිල්පත් නිසි ලෙස නොගෙවීම නිසා ප්‍රාන්තයේ විදුලි සැපයීම අර්බුදයකට පත්ව ඇති බවත්, විදුලි සැපයුම් ක්ෂේත්‍රයේ වියදම ආදායමට වඩා බෙහෙවින් වැඩි බවත් එම වාර්තා සඳහන් කරයි.


0 Comments