ගෙවන්න සල්ලි නැතුව ඉන්ධන නෞකා මඟ නවතී...

 



මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබේ.

මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය (23) වැනිදා සිට නැංගුරම්ලා ඇත්තේ කොළඹ වරාය පිටතය.

තවත් ඩීසල් නෞකා දෙකක් ද කොළඹ වරායේ මේ වනවිට දින ගණනාවක සිට නැංගුරම් ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

ඒවායේ අඩංගු ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 76,000 කි.

Post a Comment

0 Comments