බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ කවුරුන් හට ද යන තීරණය අද (05) දහවල් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍යවරයා නම් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණ අතින් හෙට (06) පත්වීමට ලබාදීමට නියමිතය.
ඉන්දීය සම්භවයක් සහිත හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරිය වන ලීසා ට්‍රස් මේ සඳහා තරග වැදුනි.
අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නාට පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයද හිමිවීම බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය වෙයි.
කෙසේ වෙතත් මෙහි වැඩි වාසිය හිමිව ඇත්තේ ලීසා ට්‍රස්ට බව එරට මාධ්‍ය වාර්තා පළ කරයි.
ජනතාවගේ විශ්වාසය සහ ආර්ථික අර්බුදය මැඩ පැවැත්වීමට අසමත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුණි.


0 Comments