රට තුල පවතින තිරිඟු පිටි හිඟය ලබන 15 වනදායින් පසුව අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීමට තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කරන බව ඔහු පවසා තිබේ.
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග්‍රෑම් 450හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බවත් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම්, තමන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බව ආපනශාලා හිමියන් පවසයි.
මෙම තත්ත්වය හමුවේ පාන් පරිභෝජනයෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පාරිභෝගිකයන් පවසයි.

0 Comments