තිරිඟු පිටි නිෂ්පාදනය ඉහළට

 



තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන ලෙසට මේ වනවිටත් මහ පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත ඉල්ලීමක් කර ඇති බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත්, පිටි මිල ඉහළ නැංවීමට අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවද වෙළඳ අමාත්‍යවරයා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ ප්‍රකාශ කළ බවයි වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිවේදනය කළේ.

Post a Comment

0 Comments