ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල ලෙස අඩුවෙයි.. මෙරට මිල අඩුවීමක් නෑ.. මිල සූත‍්‍රය වැඩි කරන්න විතරයි…

 


ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මිල මේ වන විටත් සැළකිය යුතු ලෙස පහළ බැස තිබියදීත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නොසතුට පළ කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී ඇති නිසා ඉන්ධන මිල අඩු වීමක් මෙරට සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළ යුතු බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

සෑම මසකම මහා පළමුවැනිදා හා පහළොස් වැනිදා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂය භාර අමාත්‍යවරයා මීට පෙර පැවසූ බවද ඒ අනුව පොරොන්දු පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


Post a Comment

0 Comments