ඉන්ධන අර්බුදය ඇතුලු ත්‍රී රෝද රථ රියදුරන්ට පවතින ගැටලු විසඳීමට තමන් මැදිහත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ ත්‍රිරෝද රථ සංගම් නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
විපක්ෂ නායකවරයා ත්‍රී රෝද රථ සංගම් නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා කළේ ඊයේ පස්වරුවේයි.
මෙහිදී ත්‍රී රෝද රථ නිලධාරීන්ගේ ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකවරයාට භාර දෙනු ලැබුවා.


0 Comments