නිදි යහනේම සැඟවූ දේ පොලිස් භාරයට...

 


පසුගිය සතියේ ශාන්ත සෙබස්තියන් වීදිය,කෙසෙල්වත්ත,කොළඹ 12 ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සහ කර තිබුණු අබ්දුල් රෂිඩ් මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් රසීන් නොහොත් පොඩි කංචි නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසිනුයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළොන්නාව ප්‍රදේශයේදී වන අතර සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 945ක් පොලිස් භාරයට ගෙන තිබේ

අත්අඩංගුවට ගන්නා මොහොතේ සැකකරු නිදාසිටි ස්ථානයේ තිබූ කොට්ටය තුළ සඟවා තිබුණු ගිනිඅවියක් සහ ජීව උණ්ඩ දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

Post a Comment

0 Comments