හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිද වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකතනය මගින් තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු ඇප මත මුදා හරින ලෙස අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත.
අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් කල පැමිණීල්ලක් මත කොළොන්නාව ප‍්‍රදේශයේ පදිංචි කරණවෑමියෙක් ලෙස රැකියාව කරන අයෙක් සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පසු මෙම නියෝගය නිකුත් කලේය.
සැකකරු අධිකරණය හමුවේ පැවසුවේ තමන් වෙනත් පුද්ගලයකුගේ දුරකතන අංකයක් අනුමාන කරමින් මෙම ඇමතුම ලබා ගත් බවත් අයෝමා රාජපක්‍ෂ මහත්මියගේ දුරකතන අංකය නොදැන සිටි බවත්ය.
රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා ඇති සැකකරු එය ලබා නොදෙන්නේ නම් යළිත් හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසලට ජනතාව එක්රැස්කර පන්නා දමන බවට තර්ජනය කර ඇතැයිද පොලිසිය අධිකරණයට පැවසීය.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශ පරස්පර නිසා තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.
ලබන මස 06 වැසිදා තෙක් නඩුව කල් තබා ඇත.


0 Comments